යාපනය ,නාවට්කුලි ප්රදේශයේදී සැමියාගේ පහර කෑමට ලක් වූ බිරිඳක් ඊයේ (16) ඝාතනයට ලක්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි වියේ පසු වූ දෙදරු මවකි.
ඝාතනයට සම්බන්ධ සැකකාර සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
එහිදී ස්වාමියා පොලීසියට පවසා ඇත්තේ සිය බිරිඳ තම සහෝදරයෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වන බවට වූ ආරංචියක් මත තමන් බිරිඳට පහරදුන් බවයි.
ඝාතනයට ලක් වූ කාන්තාවගේ මළ සිරුර මහේස්ත්රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘතශරීරාගාරයට යොමුකර ඇති බවට පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.