ත්‍රිකුණාමලය දිසා විනිසුරුවරයා රැගෙන ගමන් කරමින් තිබූ අධිකරණ අමාත්‍යාංශයට අයත් කාර් රථයේ හැට හැවිරිදි පුද්ගලයෙකු ගැටී තුවාල ලැබීම සම්බන්ධයෙන් සැකපිට එම කාර් රථය පදවාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයා නැදුන්කර්නි පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කාර් රථයේ ගැටී තුවාල ලැබූ පුද්ගලයා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වන බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අද නැදුන්කර්නි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.