TNT නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික ප්‍රමාණයක් යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
අද (17) අලුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී සූක්ෂම ලෙස සඟවා තිබූ එම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.
යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ ජැටිය ආසන්නයේ පිහිටි, ලඳු කැලෑවක් තුළ එම පුපුරණ ද්‍රව්‍ය සඟවා තිබිය දී නාවික හමුදාවට නිරීක්ෂණය වී තිබේ.
නීතිවිරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සඟවා තබන්නට ඇති බවට නාවික හමුදාව විශ්වාස කරයි.
එම පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇති බව ට නාවික හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.