ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පසුගිය නොවැම්බර් මස සිට පනවා තිබු ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (17) පියවර ගත් නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉවත් කළ ධනුෂ්කගේ ක්‍රිකට් තහනම නීත්‍යනුකූල නොවන බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා චෝදනා එල්ල කර ඇති බව වාර්තා වේ .
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,
“අධිකරණයට කරුණු වාර්තා කරලා නීතිපති උපදෙස් එක්ක තමයි ඔහුට තහනම ක්‍රියාත්මක වුණේ. ඒ නිසා ඔහුගේ තහනම ඉවත් කරන්න නම් නැවත නීතිපති සමග සාකච්ඡා කරන්න අවශයයි. අධිකරණයටත් කරුණු වාර්තා කරලා තමයි එහි ඉදිරි කටයුතු කරන්න ඕනේ. ඒ නඩුව තාම පවතිනවා.”