රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධනය කිහිපයක් සිදුකිරීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙන බව වාර්තා වේ .
එම සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් අද (18) විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණයට දැනුම් දී තිබේ.