මේ මස පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 50,395 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .
ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයන් වන අතර, එම සංඛ්‍යාව 12,261ක් බව සඳහන්.
එමෙන්ම රුසියානු, බ්‍රිතාන්‍ය, චීන, ජර්මන්, ඕස්ට්‍රේලියානු ඇතුළු රටවල් කිහිපයක සංචාරකයන් ද එම කාලය තුළ දිවයිනට පැමිණ තිබේ .