නැගෙනහිර පළාත තුළ ඉරිදා සහ පෝය දිනවල උපකාරක පංති පැවැත්වීම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .
දහම් අධ්‍යාපනයට යෙදවීමට තරම් කාලයක් නොලැබෙන ආකාරයට පෞද්ගලික උපකාරක පංති රැල්ලක් නිර්මාණය වී තිබීම හේතු කරගනිමින් මෙම තීරණය ගත් බව පළාත් අධ්‍යාපන ලේකම් නිතිඥ එච්.ඊ.එම්.ඩබ්.ජී.දිසානායගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයේ සටහන්ව ඇති බව සඳහන්.
ඒ අනුව ඉරිදා දිනවල පස්වරු 02.00 දක්වා හා පෝය දිනවල සම්පුර්ණ දිනයේත් උපකාරක පංති පැවැත්වීම මෙලෙස තහනම් කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් සොයා බැලිමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පවරා ඇති බව ද වාර්තා වේ .
ඒ සදහා පොලීසියේ හා අදාළ පළාත් පාලන ආයතනයේ සහය ලබා ගන්නා ලෙස ද එම චක්‍ර ලේඛයෙන් උපදෙස් ලබාදී තිබේ.
වාර්තා වන ආකාරයට මෙම උපදෙස් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය ,ත්‍රිකුණාමලය උතුර ,කන්තලේ ,අම්පාර ,මහඔය හා දෙහිඅත්තකණ්ඩිය යන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට නිකුත් කර තිබේ.