මත්ද්‍රව්‍ය කිලෝ 200 තොගයක් රැගෙන මෙරට බලා යාත්‍රා කරමින් තිබූ බහුදින යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනකු සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවට නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.
මෙම යාත්‍රාව සහ එහි සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් ධීවරයින් පස් දෙනා දික්ඕවිට වරාය වෙත රැගෙන එමින් තිබෙන බවට නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.