මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පතට නීතිපතිවරයා විසින් සංශෝධන 32ක් ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් අනාවරණය කරයි.
එම පනත් කෙටුම්පත ව්‍යස්ථා විරෝධී බවත්, එයට පාර්ලිමේන්තුව තුළ ද දැඩි විරෝධයක් මේ වන විට මතුව ඇති අතර මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේදීම පරාජයට පත් කළ යුතු බවත්, මහාචාර්යවරයා පෙන්වාදෙයි.
ආණ්ඩුව මෙම පනත රැගෙන එන්නේ ජනතාවගේ අයිතිවාසිකම් හැකිළීමට බව වන අතර, එය සම්මත වුවහොත් ඉදිරි මැතිවරණවලදී අපක්ෂපාතී වාර්තාකරණයක් කිරීමට නොහැකි වන බව ඔහු සඳහන් කර තිබේ.
ප්‍රතිත්‍රස්ත පනත ද මේ හා සමාන ප්රජාතන්ත්ර විරෝධී පනතක් බවත්, එම පනත සම්මත වුවහොත් ද ඇති වන්නේ රටේ ප්රජාතන්ත්රවාදයට මරු පහරක් බවත්, හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා විසින් මෙම සංශෝධන ඉදිරිපත් කර තිබිණි.