මේ වන විට යළිත් කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනය වීමක් පෙන්නුම් කරන බව කොවිඩ් ආසාදිතයින් සඳහා නිවෙස්ගත ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පෙන්වා දී ඇත.
කොවිඩ් මර්දන මාත්‍රා සියල්ලම ලබා ගත්ත ද නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යය බව ඇය අවධාරණය කර ඇත.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ එන්නත් මාත්‍රා ත්‍රිත්වය ම ලබා සිටිය ද කොවිඩ් ආසාදනය වුවහොත් එම පුද්ගලයා අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුව ඇති බවයි.
කෙසේ නමුත් නිසි ලෙස සෞඛ්‍ය උපදෙස්වලට අනුගත නොවුනහොත් යළිත් ඔමික්‍රොන් හෝ ඩෙල්ටා රැල්ලක් ඇති වීමේ අවධානමක් පවතින බව ද ඇය ප්‍රකාශ කර ඇත.