යළි වාහන ආනයනය සඳහා අවසර ලබා දීමේ දී විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්රමුඛතාවය ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රකාශ කයි.
අද (18) ආරම්භ වූ 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයයේ දී සිය ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
එහි දී ජනපති වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම වාහන සඳහා විදුලිය ලබා ගැනීමේ දී පුනර්ජනනීය බලශක්ති ප්රභව භාවිතා කිරීමට ද සැලසුම් කර ඇති බවයි.
එමෙන් ම ජනාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ වාර්ෂිකව රටේ ආනයන වියදමෙන් 20%ක් පමණ වෙන්වන්නේ තෙල් අපනයනය සඳහා බවය.