දකුණු කොරියානු නාවික හමුදාවට අයත් ‘ ක්වැන්ගෙටෝ ද ග්රේට්’ යුද නෞකාව අද (26) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව වාර්තා වේ .
එම අවස්ථාවට කොරියානු ශ්රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටි අතර දකුණු කොරියානු යුද නෞකාවක් මීට පෙර දිවයිනට පැමිණියේ 2017 වර්ෂයේ ඔක්තොම්බර් මාසයේදීය.
දකුණු කොරියානු නාවික හමුදාව ප්රකාශ කළේ ඉන්දු – පැසිෆික් ක්රමෝපාය යටතේ දකුණු ආසියාතික පාර්ශ්වකරුවන් සමඟ ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් එය ශ්රී ලංකාවට පැමිණි බවයි.
වාර්තා වන ආකාරයට මෙම නෞකාව සාමුහික ආරක්ෂාව, ප්රතිත්රස්ත මෙහෙයුම් සහ කොරියානු හා අනෙකුත් නෞකාවල ආරක්ෂාව සැපයීම අරමුණු කරගත් කොරියානු නාවික හමුදාවේ මුහුදු කොල්ල වැළැක්වීමේ ඒකකයට අයත් නෞකාවකි.