එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත රාජ්ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා වශයෙන් පත්වූවා යැයි පවසන සමන් රත්නප්රිය සහ සම්පත් රාජිත යන මහත්වරුන්ට අදාළ තනතුරු වල කටයුතු කිරීම වළක්වාලමින් නුගේගොඩ දිසා විනිසුරු කල්හාරි ලියනගේ මහත්මිය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට සමන් රත්නප්රිය සහ සම්පත් රාජිත යන මහත්වරුන් රාජ්ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ තනතුරු සඳහා නිසියාකාරයෙන් පත්වූ බවට සාධක නොමැතිවීම සහ අදාළ වෘත්තීය සමිති සම්මේලනය සතු විශාල මුදල් ප්රමාණයක් සහිත බැංකු ගිණුම් වල පාලනය සම්බන්ධයෙන් පැන නගින ප්රශ්න සහගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිසා විනිසුරුවරිය විසින් ලබන මස 06 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය නිකුත් කරන ලදී .
රාජ්ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ප්රධාන ලේකම් ලලිත් ඉන්දික මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සමන් රත්නප්රිය , සම්පත් රාජිත සහ කම්කරු කොමසාරිස්වරයා නම් කර ඇති බව සඳහන් .