සිවිල් වැසියන් කිහිප දෙනෙකුට ද මරු කැඳවමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකා රජය දැඩි ලෙස හෙළා දකියි.
විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම ප්‍රහාරය හේතුවෙන් පීඩාවට පත් පවුල්වලට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනතාවට සහ රජයට ශ්‍රී ලංකාව සිය බලවත් කණගාටුව පළ කරන බවයි.
එමෙන්ම ගෝලීය සාමයට සහ ආරක්ෂාවට හානි එල්ල වන ත්‍රස්තවාදී තර්ජනවලට එරෙහිව අඛණ්ඩව සුපරික්ෂාකාරීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව එම නිවේදනය ඔස්සේ යළි අවධාරණය කර ඇත.
ඊයේ (17) දිනයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනගරයේ ස්ථාන දෙකකට ත්‍රස්ත ප්‍රහාර දෙකක් එල්ලව ඇත.
අබුඩාබි පොලිසිය සඳහන් කළේ එම ප්‍රහාර ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් සිදු කර ඇති බවයි.
එම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.