රුපියල් මිලියන 75කට ආසන්න මුදල් සහ දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ලබන නොවැම්බර් මස 8 වැනිදා දක්වා කල්දමා ඇති බව වාර්තා වේ .
ඒ අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ එම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එහිදී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කරන ලදී .
ඒ අනුව නඩු විභාගය කල් තැබීමටත් , එදිනට විත්තිකරුගේ අසනීප තත්ත්වය පිළිබද වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් විනිසුරුවරයා නියෝග කරන ලදී .