පොලීසිය විසින් අත්අඩංගුවට ගත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සරසවි සිසුන් දෙදෙනා අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙන බව වාර්තා වේ.
මෙලෙස ඇප ලබාදී ඇත්තේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නවීන් තාරක ඇතුළු තවත් සිසුවෙකු හටයි.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට විරෝධය පළ කරමින් ඊයේ (27) විරෝධතා පාගමනක් සංවිධානය කර තිබූ අතර එහිදී කොළඹ මහවැලි කෙන්ද්‍රය අසලින් ආරම්භවී තිබූ මෙම පාගමන නෙළුම් පොකුණ දෙසට ගමන් කර තිබුණි.
ඒ අනුව පොලීසිය විසින් එම පාගමනට අවස්ථා දෙකකදී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී .