මංගල සාදයකට එක්වී සිටි තරුණියක් මස් ඇතුළු ආහාර වර්ග කිහිපයක් ආහාරයට ගැනීමෙන් පසු හදිසියේ රෝගී වී පුත්තලම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මරණයට පත්වී ඇති බව වාර්තා වේ.
මෙසේ මරණට පත්වි ඇත්තේ ආණමඩුව නගරයේ පදිංචිව සිටි විසි හැවිරිදි එච්.එම්.අයෝධ්‍යා දේශානි විජේවර්ධන නැමති තරුණියකි.
දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවා වන මෙම තරුණිය පාසල් කටයුතු වලින් පසු විවිධ සමාජ කටයුතු වලට දායක වී සිටි බවට තොරතුරු අනාවරණය වී තිබේ.
තරුණිය පුත්තලම නගරයට ආසන්නයේ ඇති උත්සව ශාලාවක පැවති මංගල සාදයට එක්වී මෙම ආහාර වර්ගය ආහාරයට ගැනීමෙන් පසු අසාත්මිකතාවයට පත්වි ඇති බව සදහන්.
එසේ අසාත්මිකතාවයට පත්වූ තරුණිය විනාඩි කිහිපයක් යාමට මත්තෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්වී පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබූ බවත් ඒ වන විටත් ඇය මරණයට පත්ව සිටි බවට රෝහල් බළධාරීයකු ප්‍රකාශ කර තිබේ.