ඉහළ මිලක් යටතේ පොහොර අලෙවි කිරීම හේතුවෙන් පොහොර සඳහා පාලන මිලක් ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරන බවට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා ඇති බව වාර්තා වේ.
පොහොර විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බවට ගොවි ජනතාවගෙන් ලද පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම තීරණයට එළඹ තිබේ.
ඒ අනුව පොහොර සම්බන්ධයෙන් සිදු කෙරෙන නිසි විමර්ශනයකින් සහ අධ්‍යනයකින් අනතුරුව පොහොර සඳහා පාලන මිලක් නියම කරනු ඇති.