අද (19) දිනයේ දී විදුලිය විසන්ධි වීමක් සිදුවිය හැකි බවට ලංකා විදුලිබල මණ්ඩලය ප්රකාශ කරයි.
පැයක පමණ කාලයක් එසේ විදුලිය විසන්ධි වීම පැවතිය හැකි බව ද විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
ඉන්ධන නොමැතිකම හේතුවෙන් වසා දැමුණු කැලණිතිස්ස විදුලි බලාගාරයේ කටයුතු යළි යථා තත්ත්වයට පත්වන තෙක් මෙම විදුලි කප්පාදුව සිදුවන බව විදුලි බල මණ්ඩලය ප්රකාශ කරයි.