දළදා මාලිගාවේ සම්පත් සෑම අංශයකින්ම ගසා කන අතරේ දළදා වහන්සේට දානය පුජාකිරිමට පැමිණෙන බැතිමතුන්ට නවාතැන් ගැනීමට තිබු විශ්‍රාම ශාලාවද දැන් මාලිගාවට අහිමිකර තිබෙන බව වාර්තා වේ.
මෙම විශ්‍රාම ශාලාව ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සියළු පහසුකම් සහිතව ඉදිකළේ දළදා වහන්සේට දානය පුජා කිරිමට පැමිණෙන බැතිමතුන්ට අපහසුවකින් තොරව නවාතැන් ගැනිමටය. දළදා පුජාවට බැතිමතුන් පැමිණෙන්නේ කලින් දිනයේය. ඒ අනුව පැමිණෙන බැතිමතුන් ඉතා සහන මිලක් යටතේ මේ විශ්‍රාම ශාලාවේ නතරවිම සාමාන්‍ය පිළිවෙළයි.
නමුත් දැන් මේ විශ්‍රාම ශාලාව තනිකරම නිලමේගේ හිතවතුන් ආවිට නතරවිමට සකස්කළ හෝටලයක් බවට පත්වි ඇත. නමුත් ඔවුන් ලියකියවිලි සකසා තිබෙන්නේ ඔවුන්ගේ වාසියට වන අතර එම ලිපිවල කෙසේ සදහන් වුවද ප්‍රයෝගිකව සිදු වන්නේ වෙනත් අයුරිනි.
දානය බාරගත් බැතිමතුන්ට දැන් එහි ඉඩක් නැති අතර අයකිරිම්ද අස්ප ගණන්ය. එහි කාමරවලට අමතරව වන්දනා නඩ නිදාගැනිමට ඇති හෝල් එක දැන් ලොබියකි. එහි සෝපා දමා නිලමේගේ යාළුවන්ට සප්පායම් විමට හැකි ආකාරයට සකස් කර තිබෙන බවද සදහන් වේ.
වියහියදම් දරමින් ඉතාම ශ්‍රද්ධාවෙන් පැමිණෙන බැතිමතුන්ට දැන් සිදුවි ඇත්තේ එහි නිලධාරින් සමග රණ්ඩුවිමටය. එසේ රණ්ඩු වීමට අවශ්‍ය වටපිටාව සැකසීමෙන් සිදුවන ආගමික ලබ්දියේ විනාශය බුදු දහම පසෙක දමා දේව මෑණියන් වන්දනා කරමින් පව් සෝදා යාවි යයි විශ්වාස කරන නිළමේවරුන්ටවත් නොපෙනීම පුදුමයකි. තව දුරටත් විමසා බැලුවිට එහි සිටි පැරණි සේවක මණ්ඩලයද ඉවත්කර ඇතිබව දැනගන්නට ලැබේ. දැන් බොහෝ බැතිමතුන්ට හෝටල් වල නැවතීමට සිදුව තිබේ.
ප්‍රේමදාස මහතා වන්දනා නඩ සදහා නවාතැන් ගැනිමට සකස්කළ මේ විශ්‍රාම ශාලාව දැන් පාලනය කරන්නේ ටුවරිස් බෝඩ් එකෙන් බවද තැන තැන කතා වෙති. නමුත් එහි සත්‍ය හෝ අසත්‍ය කෙසේ වෙතත් ටයි කෝට් දැමු පුද්ගලයන් දැන් එහි සේවකයන් වන බවද වාර්තා වේ. කෙසේ වුවත් මේ ගොඩනැගිල්ල ගොඩනැගුවේ ඇයිද යන්න තේරුම් ගෙන ඒ අනුව බැතිමතුන්ට ලබා දීමට කටයුතු නොකිරීමෙන් පෙනී යන්නේ මෙහි සිදුවන්නේ ගසා කෑමක් බවයි. එසේම සාමාන්‍ය වන්දනාකරුවන් ඔවුන්ගේ පයට පෑගෙන දුහුවිල්ලක් මෙනි.
මහ විහාර දෙකේ මහනාහිමිවරුද මේ ගසාකෑම් දෙස බලා නිහඬව සිටින්නේ මන්දැයි එම විහාරවල හිමිවරුන්ටද ප්‍රශ්නයක්වි ඇති බවද වාර්තා වේ. මහා විහාර දෙකේ අති ගරු නායක හිමියන් වහන්සේලා එක්ව මහා සංඝ සභාව රැස් කර මේ සියලු සිදුවීම් පිලිබඳව තීරණයක් ගෙන බුදු දහමට සිදුවන හානිය නැවැත්වීමට කටයුතු කරන මෙන් ඉල්ලීමට මහා සංඝරත්නයද කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
රාවණා සටහන
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකරුවන් සිදු කරනු ලැබූ සහ මේ වන විටත් සිදුකරනු ලබන වංචා සහ දූෂණද විවිධ අකටයුතුකම්ද වලට එරෙහිව මහනුවර දිස්ත්‍රික් ජනතාව සහ ශ්‍රී ලංකාවේ සංවිධාන කිහිපයක්ම මේ වන විටත් කටයුතු කරමින් සිටි. මන්ත්‍රීවරු කිහිපදෙනෙකුම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව කතා කර තේරීම් කාරක සභාවක් පත් කිරීම සදහා ද කටයුතු කරමිනි සිටිති. එසේම දළදා මාලිගාවේ පෙරහැර සම්බන්ධව ලියු ප්‍රශ්නයක් මුල්කරගෙන මෙම වෙබ් අඩවියට විරුද්ධවද එහි මාධ්‍ය අධ්‍යක්ෂක උසස් පොලිස් නිලදරීන්ගේද සහය ඇතිව අපට විරුද්දව පොලිසි ගොස් පැමිණිලි කලේද, නීතිය නොදන්නා නිසාය. එසේම මෙම වෙබ් අඩවියේ තොරතුරු පිලිබඳව රජයේ පුවත් ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් සොයා තිබෙනු අතර පොලිස් පරීක්ෂණ ඇරඹීමටත් පෙර අපගේ තොරතුරු පොලිසියට ලබා දී තිබෙන්නේ මෙහි නීතිවිරෝදී මාධ්‍ය අධ්‍යක්ෂකය. පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගැනීමටත් පෙර මොරටුව විශ්වවිද්‍යාලයෙන් නීතිවිරෝදී ලෙස දළදා මාලිගාවේ නම භාවිතා කරමින් අපගේ තොරතුරු ලබා ගෙන තිබුනේ මේ මාධ්‍ය අධ්‍යක්ෂක විසිනි.
අවුරුදු ගණනාවකම සිටම මේ උතුම් ස්ථානයට ගිහි පාලකයන් විසින් සිදු කරනු ලබන විනාශය සුළු පටු නොවේ. ඇන්ටන් තෙන්නකෝන් බස්නායක නිළමේගේ හිටපු රියදුරුද දැන් නිලමේ කෙනෙකි. එදා දුගියෙකු වූ ඔහු අද ප්‍රකෝටිපතියෙකු වන්නේ නිළමේ වීමෙන් අනතුරුවය. එදා රියදුරු වූ ඔහු පමණක් නොව, බොහෝ බස්නායක නිලමේවරුන් සෙරෙප්පු දෙකෙන් පැමිණ මාස කිහිපයකින් ප්‍රාඩෝ ඉන්ටර්කූලර් පදිති.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ වන ප්‍රදීප් නිලංඟටද වංචා දූෂණ රාශියක් මෙන්ම බුදු දහම විනාශ කිරීමට කටයුතු කිරීම පිලිබඳව චෝදනා රැසක් එල්ල වේ. ඒ පිලිබඳව රාවණා ලංකා ජාතික සංවිධානය ලෝකයටම එලි දරව් කරමින් අති ගරු ජනාධිපතිතුමා ඇතුළු වගකිව යුත්තන් වෙත් පැමිණිල්ලක්ද කර තිබුණි. මේ වන විට එම පැමිණිල්ලේ විමර්ෂණ කටයතු පොලිස්පතිවරයාගේ නියමයෙන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතේ ආරම්භ වී ඇත. නමුත් යම් යම් පුවත් වාර්තා හේතුවෙන් ශ්‍රී රාවණා ලංක ජාතික සංවිධානය එම පරීක්ෂණයට විරෝධතා ඉදිරිපත් කරමින් විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කරන ලෙස ඉල්ලා තිබේ. එපමණක්ද නොවේ, ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙසද ඊට අවශ්‍ය සාක්ෂිද පොලිසියට ලබා දීමට ඔවුන් කටයුතු කර තිබේ. එසේම මහනුවර ජනතාව සමග එක්ව දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට ද කටයුතු කරමින් තිබෙන බව ද වාර්තා වේ.
මේ සියලු කාරණා මෙසේ සිදු වීමේදී සාසනයට ලැදි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාද මේ පිලිබදව දැඩි කනස්සලෙන් වැඩ සිටිති. ඒ අන් කිසිවක් නිසා නොව ගෞරවනීය මහනායක හිමියන් වහන්සේලා මේ පිලිබඳව කටයුතු නොකරන්නේ ඇයිද යන්න ගැටළු සහගත නිසාය . මීට පෙර දියවඩන නිලමේවරයා බේරා ගැනීම සදහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ගරු අධිකරණ වෙත ලිපි පවා ඉදිරිපත් කල අතර මූල්‍ය වංචා විමර්ශන ඒකකය වෙත ගෙන්වීම නිසා මාධ්‍ය ආයතන එය එළිදරව් කලාට එරෙහිව, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනවලට පවා විරෝධතා ඉදිරිපත් කිරීමට මහනායක හිමිවරුන් කටයුතු කරන ලදී. නමුත් එයින් සිදු වුයේ දිගින් දිගටම බොදු උරුමය විනාශ වීම පමණි. මහනායක හිමියන් වහන්සේලා මේවා වෙනුවෙන් මැදිහත් වීමෙන් සිදු වන්නේ තව දුරටත් බොදු දහමට හානි සිදු වීම පමණි. නමුත් උන් වහන්සේලා මේ දියවඩන නිළමේට විරුද්ධව අවශ්‍ය කටයුතු සිදුකර බුදු දහමත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සුරක්ෂා කිරීමත් සිදු කල යුතුව තිබේ. එසේ නොමැති නම් කවුරුන් හෝ මහනායක හිමිවරුන් නොමග යවනවා විය යුතුය. කෙසේ වුවද තව දුරටත් නිහඩව සිටියහොත් බොදු ජනතාවම මහනායක හිමිවරුන්ට විරුද්ධව නැගී සිටිනු ඇත. බොදු ජනතාව විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලවල මහනායක හිමිවරු ඇතුළු සමහර බොදු භික්ෂූන් වහන්සේලාට විරුද්ධව අදහස් දක්වා තිබේ. එය බොදු ජනතාවටද පව් පිරෙනා කටයුත්තකි. එබැවින් අප මෙසේ ලියන්නේද කැමැත්තකින් නොවේ. බුදු දහමට අනුව රටේ නීතියට කවුරුත් ගරු කරමින් ජීවත් විය යුතුය. එය ඉතාම මැනවින් බුදු රජාණනන් වහන්සේ දේශනා කර තිබේ.
නීතිය බල්ලට දැමු දේශයේ මෙවන් විනාශකරුවන්ට ද පිළිතුරු ලැබෙන්නේද ඒ අයුරිනි. තමන් කරන පව් ගැන තමන් දන්නා නිසා මොවූන් සිදු කරන්නේ දෙවියන් යැදීමය. දෙවියන් ද යදින්නේ බුදුන් දෙසු දර්මය බව නොදත් මේ පව් කාරයන් කටයතු කරන්නේ ජීවිතය සදාකලික යයි සිතාගෙනය. සියල්ල වැරදි බව සිතට දැනෙද්දී ඒ වේදනාව මග හරවාගැනීම සදහා යන්තර, මන්තර පසු පස්සේ ගොස් තාවකාලිකව හිත හදාගන්නා මොවුන්ගේ මරණයෙන් පසු යන්න ඉතිරිව තිබෙන්නේ අපාය පමණක් බවවත් නොතේරීම ඔවුන්ගේම කරුමය වේ. ඉදිරි කාලය මොවුන්ට යහපත් කාලයක් නොවනු ඇත. එසේම ජනාධිපතිතුමා ප්රමුඛ රජයට ජනතා අප්‍රසාදය ඇති වන්නේ මෙවැනි පුද්ගලයන්ගේ කටයුතු නිසා බවද දැන ගත යුතුය.