පිළියන්දල විවිධ සේවා සමූපකාර සමිතිය මඟින් පවත්වාගෙන යන ඉන්ධන පිරවුම්හලෙහි ඉන්ධන වංචාවක් සිදුවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව අනාවරණය කරගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී ඉන්ධන පිරවුම්හලෙහි පොම්පයක සූක්ෂම ආකාරයෙන් සවිකර තිබූ උපකරණයක් සොයා ගෙන තිබෙන බව වාර්තා වේ .
එමෙන්ම එම වැටලීම අතරතුර අදාළ උපකරණය රැගෙන පළායාමට උත්සාහ කළ සේවකයෙක් ද පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
එම සිදුවීමත් සමඟ මේවනවිට එම ඉන්ධන පිරවුම්හළට මුද්‍රා තබා ඇති බව වාර්තා වේ .