කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ග කිහිපයක් නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව වසාදැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ .
දුම්රිය මූලස්ථානය දැනුම්දෙන්නේ මෙම මාර්ග වසා තැබෙන කාලය තුළ වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.
ඒ අනුව කැලණිවැලි දුම්රිය මාර්ගයේ නුගේගොඩ හා මහරගම දුම්රිය ස්ථාන අතර ස්ටැන්ලි තිලකරත්න පාර දුම්රිය හරස් මාර්ගය, නුගේගොඩ හා මහරගම දුම්රිය ස්ථාන ඩී. එම් කොළඹගේ මාවත දුම්රිය හරස් මාර්ගය සහ පැඟිරිවත්ත පාර දුම්රිය හරස් මාර්ගයේ එම නඩත්තු කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ .