කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්රගාමී දුම්රිය කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන අතරදී අද (31) පස්වරුවේ පීලි පැනීමකට ලක් වූ බව වාර්තා වේ .
දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙක් පැවසුවේ එම දුම්රියෙහි මැදිරි 04 ක් පීලි පැනීමකට ලක්ව ඇති බවත් , මෙහි සුවිශේෂී සිදුවීම වන්නේ එකම දුම්රිය කට්ටලයම මෙම මාසය තුළ පමණක් අවස්ථාවන් 5 දී නාවලපිටිය හා බදුල්ල දුම්රිය මාර්ගයේ පිහිටි දුම්රිය ස්ථාන අතරම පිලී පැනීමකට ලක්වීම බවත් ය.