දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා ඇති බව වාර්තා වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අද(01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබේ.
පැය 24ක් පුරා ක්‍රියාත්මක මෙම සංකේත වැඩ වර්ජන හෙට සිට ආරම්භ කරන බවට එම සංගමය පවසයි.
ඒ අනුව හෙට (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට එක්වන බව වාර්තා වේ.
අනතුරුව එළඹෙන 03 වනදා උතුරු පළාතේත්, 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වනු ඇති.
08 වනදා වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ මධ්‍යම පළාතේ සහ නැගෙනහිර පළාතේය.
09 වනදා දකුණු පළාතේ සහ උතුරු මැද පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිත බව සදහන්.
රජයේ වෛද්‍ය නිලධාරීන් පවසන්නේ 10 වනදා බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල වෛදවරු මෙම වැඩ වර්ජනයට එක්වීමට නියමිත බවයි.