මධ්‍යම කඳුකරයට සවස් කාලය තුලදි ඇද හැලෙන අධික වැසි තත්ත්වයත් සමග නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය අද (01) දින සවස සිට වාන් දැමීම ආරම්භ වි ඇති බවට එම ජලාශ බාර නිළධාරියකු ප්‍රකාශ කර තිබේ.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්ත්වයන් මත අද දින සවස මෙම ජලාශයේ ජලය අගල් හතරක් පමණ උසින් වාන් දැමීම ආරම්භ වී ඇති බවයි.
පවතින වැසි හේතුවෙන් මසක පමණ කාලයක් තුලදි මෙම ජලාශය මේ වන විට පස් වතාවක් මෙසේ වාන් දැමීම සිදුව ඇති බවටද එම නිළධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.