හැටන් නගරයේ තැන තැන කසල ගොඩ ගැසිමත් සමග ප්රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන ප්රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ සමහර පිරිස් විසින් තැන තැන කසල ගොඩ ගැසීමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවයි.
මෙසේ සමහර ස්ථානවල කසල ගොඩ ගැසිමත් සමග එයින් හමන දුගඳ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බවද එම පිරිස් පවසති.
එමෙන්ම හැටන් දික්ඔය නගර සභාව විසින් සමහර ස්ථානවල කසල දැමිම තහනම් බවට දැන්විම් පුවරු සවි කර තිබුණද ප්රදේශයේ සමහර පිරිස් විසින් එම තහනම නොතකා එකි ස්ථානවලම කසල ගොඩගසා ඇති අයුරු දක්නට ලැබේ.