ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික අංශයේ නියෝජිතයින් කිහිපදෙනෙක් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
එහිදී ආර්ථික අර්බුදයෙන් මිදී තිරසර වර්ධනයක් ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩසටහන් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර තිබූ බවට ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර තිබේ.
රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය දියුණු කිරීමට සහ ආදායම වැඩිකර ගැනීමට යෝග්‍ය යෝජනාවලියක් එම නියෝජිතයින් විසින් ජනාධිපතිවරයාට භාරදී ඇති බව සදහන්.