මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විට අමාත්‍යවරයා ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ඇතුළත් කර ඇත.
ඔහුට ඇති වූ අසනීප තත්ත්වය හේතුවෙන් සිදුකරන ලද පීසීආර් පරීක්ෂාවට අනුව ඔහුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.