ඊයේ (01) උදෑසන සූරියවැව රෝහලෙන් සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළසිරුරක් හමුවී තිබෙන බව වාර්තා වේ .
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වන සූරියවැව ප්රදේශයේ පදිංචිකාරියකි.
මෘත ශරීරය පරීක්ෂා කිරීමේදී දකුණු වැලමිට තුවාල වී ඇති බවත් , දකුණු කනෙන් ලේ වහනය වී ඇති බව දක්නට ලැබුණු බවත් , මෙය සැකකටයුතු මරණයක් බවත් පොලීසිය ප්රකාශ කර තිබේ .
ඒ අනුව සිද්ධිය සම්බන්ධව සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.