අද (03) දින පෝලන්තයේ – වෝර්සෝ නුවර සිට එන්ටන් එයාර් ගුවන් සේවයට අයත් ඊ.එන්.ටී. 1561 දරණ විශේෂ ගුවන් යානයෙන් 186 දෙනෙකුගෙන් සමන්විත සංචාරක පිරිසක් මෙරටට පැමිණි බවට වාර්තා වේ..
යුරෝපයේ එළඹෙමින් පවතින ශීත ඍතුවත් සමග පෝලන්තයේ සිට ලංකාවට සංචාරයකයින් පැමිණීම ආරම්භ කරමින් මෙරටට පැමිණි ප්‍රථම ගුවන් යානය මෙය වේ.
මේ වසරේ නොවැම්බර් මාසයේ සිට ලබන මාර්තු මාසය දක්වා පෝලන්ත වැසියන් මෙහි සංචාරයට පැමිණීමට නියමිත බවත් මෙසේ ශීත් ඍතුවේ පෝලන්ත සංචාරකයින් ලංකාවට පැමිණීම සිදු වන්නේ 13 වන වරට බව වාර්තා වේ.
ඔවුන් අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය වැනි ඓතිහාසික ස්ථාන වල මෙන්ම උණවටුන – ආරුගම්බේ මුහුදු තීරවලත් මෙරට වනෝද්‍යානය වලත්, සංචාරය කරන බව වැඩිදුරටත් සදහන් වේ.