සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රිකට් ලෝලීන් ගැන සිතා සුදුස්සාට සුදුසු තැන දී ක්‍රිකට් පරිපාලනය ඉල්ලා අස්විය යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කරයි.
නිවේදනයක් කරමින් ඒ මහතා සදහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිළිබද සියලු වගකීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා තේරීම් කමිටුවට භාර ගත යුතු බවයි.
ක්‍රිකට් ජයග්‍රහණය කළ හැකි ක්‍රීඩකයින් සිටිය ද ඔවුන්ට අත්‍යවශ්‍ය පහසුකම් හෝ ලබා නොදී ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් විධායක කමිටුව විසින් පෞද්ගලික කටයුතු සඳහා යොදවන බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කර තිබේ.
දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොතබා අදාළ නිලධාරීන් වහා ඉල්ලා අස්විය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කරයි.