කුවේට් එයාර්වේස් සමාගම විසින් එළඹෙන සතියේ සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇත්තේ දේශීය නියෝජිත ආයතන විසින් හිඟ මුදල් ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් බවයි එම මාධ්‍ය සඳහන් කළේ.
එමෙන් ම රටතුළ උද්ගත ඇති ඩොලර් අර්බුදයට මීට හේතු වී ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.