අද වෙනකොට හිටපු පොලිස්පතිතුමාට හතර වෙනි සේවා දිගුවත් ලැබිලා.මේකත් හරියටම සමාන වෙන්නේ ජාතික ලැයිස්තු ආසනේකට ආපු RW රටේ ජනාධිපති වීමේ සංසිද්ධියට .රටේ නායකත්වය ගන්න හරි හමන් නායකත්ව ලක්ෂණ තිබුණු අය හිටියනම් සාපේක්ෂව ගෝඨා හොඳයි කියලා ඔච්චර මිනිස්සු ඡන්දේ දෙන්නේ නැහැ.අන්තිමට ජනතාව දේශපාලනයෙන් විශ්‍රාම යවලා හිටපු RW රටේ නායකයා වෙන තරමට වැඩේ දුර දිග ගියා.මේ තියෙන්නෙම රටේ වගකීම් ගන්න නායකත්වය ගන්න සුදුසු පිරිසගේ අඩුව මිස වෙන කෙං ගෙඩියක් නෙවෙයි.
ආරක්ෂක නියෝජය ඇමති දීප ව්‍යාප්ත බුද්ධි බලකායක් හදනවා කියලා පුවතක් දැක්කා.ලංකාවට තවම මේ මිලිටරි මානසිකත්වයෙන් නම් මිදෙන්න ඉඩ ලැබෙන්නේ නැහැ.මේ වෙලාවේ රටකට ඕන ඔත්තු බලලා දේශපාලන හතුරෝ සල්ලන් කරන ඉරානේ වගේ බුද්ධි බලකායක් නෙවෙයි. ශ්‍රමය සේවය සපයලා නිෂ්පාදනය වැඩි කරන සක්‍රිය ශ්‍රම බලකායක්.නිකන් ඔත්තු බලන පිරිසක් බිහි කරලා පසුකාලෙක තව රජයේ සේවකයෝ 33000 ක් විතර වැඩි කරන මුලක් ඒ එන්නේ. ගමට එක්කෙනෙක් ගානේ හමුදාවෙන් දාලා ගෝඨා කලෙත් ඕක.
බුද්ධි බලකාය වහල්ලු බිහිකරන අතර නායකයන්ට මතු වීමට ඉඩ දෙන්නේ නැත.වගකීම් ගන්නා මිනිස්සු බිහි කරන්නේ නැත.ඒ නිසා නායකයෝ බිහි කරන්න මෙහෙයුමක් මිස නායකයෝ මොට කරන මෙහෙයුමකට ද අපි එකඟ විය යුත්තේ.
සමන්ත බද්ද හාමුදුරුවෝ බුදු වෙලා කියලා විශ්වාස කරපු කට්ටියක් හිටියා.එයාලම තමයි කැළණි නයා විශ්වාස කලේ.එයාලම තමයි තාමත් යල් පැන ගියපු ගෝලීය කරණය ප්‍රතික්ෂේප කරන දේශපාලන මතවාද වලින් රට හදන්න පුළුවන් කියලා හිතන්නේ.මම දකින්නේ සමන්ත බද්ද කියන්නේ ප්‍රයෝගික කෙනෙක්.බෞද්ධ සාහිතය මගින් මවලා තියෙන අති ශ්‍රද්ධාව පහර ගහලා බෞද්ධ දර්ශනය කියන එක මතු කරගනිල්ලා කියලා එයාගේ වචන වලින් කියන කෙනෙක්.එයා තමන් කරා කියලා කියන වරදට දණ ගහලා වැඳලා සමාව ගැනීම මම අගය කරනවා.මොකද සමාව ගන්න සුළු පටු පෞරුෂයක් නෙවෙයි තිබිය යුත්තේ.අපිත් රාජකාරී කරන කොට රාජකාරී මිතුරන් අතින් වුණු අතපසු වීම් වලට සමාව ඉල්ලනවා.පහුගිය දවසක අනුරට වෙච්ච පද පෙරලිය ට මඩ විසි වුණේ මේ ලෝකේ වචන වරදින්නේ නැති මිනිස්සු ටිකකගෙන් කියලා මම හිතනවා.ඒවගේම එක හෝදන්න බැහැලා හිටපු කට්ටිය දැක්කම දුකත් හිතුණා.මම අනුර නායකයෙක් හැටියට ඔහුගෙන් අපේක්ෂා කලේ,මම දිගින් දිගට කතා කරගෙන එනකොට මට වචනයක් වැරදුනා,හැබැයි මම අදහස් කලේ මේක.ඒ වචන වැරදීම ගැන කණගාටුයි කියලා නායකත්වයේ ලක්ෂණ පෙන්වන්න.අන්න එහෙම නායකයෝ නැති නිසා තමයි විශ්‍රාම ගියපු පොලිස්පතිට,ජනතාව විශ්‍රාම ගන්නපු RW ට ආයෙත් මේ රටේ වගකීම් ගන්න තැනට මේ රට පත් වෙන්නේ.
නායකයෝ හොයාගෙන යන ගමන බොහොම දුරයි කියන එක තමයි කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ. pictures are from internet.
ටිකිරි