ඊයේ (20) පෙරවරුවේ වසර 100ට වඩා පැරණි කොළඹ, මල් පාරේ පිහිටා ඇති “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.
සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා පසුව නවීකරණය කරන ලද අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති ඡායාරූප නරඹමින් කාර්යාල පරිශ්‍රය නිරීක්ෂණය කරන ලදී.
එහි දී කාර්යාලයේ නව රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්දින කවරයක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදුවිය.
මෙම මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු අගාමාත්යවරයාගේ අදහසකට අනුව හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.
මෙම දෙමහල් මන්දිරය 1916 වර්ෂයේ ඇල්බට් එම්මානුවෙල් ද සිල්වා මහතා විසින් සිය පුත් ශ්‍රීමත් ඇල්බට් ද සිල්වා වෙනුවෙන් ඉදිකර ඇත.
ඔහුගේ අභාවයෙන් අනතුරු පවුලේ සාමාජිකයින් විසින් වර්ෂ 1960 දී මෙය රජයට පවරා දෙන ලදී.
ඒ අනුව එවකට දී අධ්‍යාපන හා ගුවන් විදුලි අමාත්‍යංශය, පළාත් පාලන හා නිවාස ඉදිකිරීම් අමාත්‍යංශය සිරිමතීපායෙහි පවත්වාගෙන ගොස් ඇති අතර 1978 වර්ෂයේ දී එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සිරිමතීපායෙහි අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටුවා ඇත.
මෙම දෙමහල් මන්දිරය වසර සියයකට වඩා පැරණි සැලසුමට අනුවම පූර්ණ නවීකරණයට ලක් කොට ඇත්තේ වසර 44කට පසුවය.