පාදයේ වළලුකර ආබාධයකට ලක්වූ ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්රීඩක හර්දික් පාන්ඩ්යා ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවී ඇති බව වාර්තා වේ.
ඒ ඔහුගේ ආබාධ තත්ත්වය නිසි පරිදි සුව නොවීම හේතුවෙනි.
පසුගියදා පැවති ඉන්දීය – බංග්ලාදේශ තරගය අතරතුරදී ඔහු ආබාධයකට ලක්වුණි.
පාණ්ඩ්යා වෙනුවට වේගපන්දු යවන ක්රීඩක ප්රසිධ් ක්රිෂ්ණා කණ්ඩායම ට එක්කර තිබේ.