ඊයේ (04) සවස් කාලයේදී පවුල් ආරවුලක් හේතුවෙන් අළුත්ගම, පැනිබැන්දිගොඩ ප්රදේශයේ දී බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
වාර්තා වන ආකාරයට පුද්ගලයෙකු සිය බිරිඳට හිරමනයකින් හිසට පහර දී ඝාතනය කර, අනතුරුව ඔහුද නිවස තුළ ගෙල වැලලාගෙන ඇති බවයි.
එසේ මියගොස් ඇත්තේ අළුත්ගම, පැනිබැන්දිගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි බිරිඳ සහ 36 හැවිරිදි සැමියා බව පොලීසිය පවසා තිබේ.
අළුත්ගම පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන බව වැඩි දුරටත් වාර්තා වෙයි.