සිය පෙම්වතියව ලැගුම්හලකට රැගෙන ගොස්, එහි කළමනාකරු සමග එක්ව දින දෙකක් ඇයව කාමරයක රඳවා පුද්ගලයන් සිව්දෙනෙකුට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අඟලවත්ත ඕමන්ත පාරේ පිහිටි ලැගුම්හලක කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තා වන ආකාරයට මෙම පරීක්ෂණ වලින් හෙලිවී තිබෙන්නේ මේ සිද්ධියට අදාළ පෙම්වතා මෙම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි.අඟලවත්ත පොලිසිය විසින් ඔහු සොයා පරීක්ෂණ සිදු කරන බව පවසා තිබේ.
කාන්තාවක් ලැගුම්හලක රඳවාගෙන පුද්ගලයන්ට මුදලට අලෙවි කරන බවට 119 දුරකථන අංකය ඔස්සේ ලද තොරතුරක් මත යතුරුපැදි සංචාර නිලධාරීන් සහ ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් එක්ව සිදුකළ පරීක්ෂාවකදී අදාළ කාන්තාව සිය භාරයට ගෙන ලැගුම්හල් කළමනාකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
වින්දිත කාන්තාව ඇඟලුම් සේවිකාවක බවත්, ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරු මතුගම මහෙස්ත්‍රාත් අධ්කරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් සිද්ධිය සම්බන්ධයෙන් අඟලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තා වේ.