ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ නොදැමීමට එම ආයතනය තීරණය කර තිබෙන බව වාර්තා වේ .
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවත් ලාෆ්ස් ගෑස් සමාගම මෙම මාසය තුළදීත් පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කිරීමට තීරණය කළ බව එම ආයතනයේ සමූහ විධායක නිලධාරී, ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා සඳහන් කරන ලදී .
ඒ අනුව මෙම මස තුළ ගෑස් මිල වැඩි වීමක් සිදුනොවන බවත් , පෙර පැවති මිලටම ලාෆ්ස් ගෑස් මිල දී ගැනීමේ හැකියාව පවතින බවත් සඳහන් .
කිලෝග්රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,985ක් වන අතර කිලෝග්රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,595කට පාරිභෝගිකයන්ට ලබාගත හැකිව තිබේ.