ලබන වසර පෙබරවාරි මාසයේදී චීනය තවත් පර්යේෂණ නෞකාවක් මෙරටට එවීම සඳහා අනුමැතිය ඉල්ලා ඇති නමුත් තවමත් ඊට අනුමැතිය ලබා දී නොමැති බව වාර්තා වේ.
කෙසේවෙතත්, පෙර අනුමත කරන ලද ඉල්ලීම් මෙන් නොව, මෙවර දේශීය හවුල්කරුවෙක් නොමැතිව චීනය තනිවම පර්යේෂණ සිදුකිරීම සඳහා මෙලෙස අවසර ඉල්ලා ඇති බව සදහන් වේ.
ඒ අනුව කලාපයේ ආරක්ෂක අවශ්‍යතා සම්බන්ධයෙන් අසල්වැසියා වන ඉන්දියාවෙන් විරෝධතා මතුවෙමින් තිබෙන බව රජය විසින් සදහන් කර තිබේ.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට චීනයේ එවැනි ඉල්ලීමක් පිළිබඳව තමා නොදන්නා බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක කපිල ෆොන්සේකා ද පවසා තිබේ.