භාණ්ඩ තොගයක් රැගෙන ගිය ලොරි රථයක් වටවල ප්රදේශයේදී ප්රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
පොලීසිය පැවසුවේ, එළැඹෙන දීපවාලි උත්සව සමය වෙනුවෙන් අලෙවි කිරීම සඳහා භාණ්ඩ තොගයක් ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් වටවල ප්රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 30ක පමණ ප්රපාතයට පෙරළී අනතුර සිදුව ඇති බවයි.
එම අනතුර අද (07) උදැසන 6ට පමණ හැටන් – කොළඹ ප්රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල ආසන්නයේ දී සිදුව ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ ලොරිය තුළ තිදෙනෙකු ගමන් කර ඇති අතර, ලොරියේ සහායකයා බරපතළ තුවාල ලබා වටවල ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා නාවලපිටිය රෝහල වෙත මාරු කර යවා තිබේ.
අනතුරින් ලොරියට දැඩි හානි සිදුව ඇති අතර වටවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.