බස්නාහිර පළාත් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඔක්තොම්බර් 29 වනදා උපාධිධාරීන් සඳහා ගුරු විභාගයක් පවත්වනු ලැබුවද ප්‍රතිඵල නිතුත් කිරීමටත් පෙර පත්වීම් ලබා දීම සිදු කෙරෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පැවසූ අතර එවැනි දෙයක් සිදුවනවානම් එය නැවැත්වීමට කටයුතු කරනවා ද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්නගෙන් ඔහු අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ බව වාර්තා වේ.
එයට පිළිතුරු දුන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර ප්‍රකාශ කළේ එවැනි දෙයක් සිදුවේ නම් එය සම්පූර්ණයෙන් වැරදි බවත් ඒ් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බවත්ය.