ධර්මපුරම්, විශ්වමඩු ප්රදේශයේ නිවසක් ගිනි ගැනීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව ඇත.
පොලිසිය සඳහන් කළේ අදාළ ගින්න ඊයේ (21) පස්වරුවේ හටගෙන ඇති බවයි.
මෙසේ මියගොස් ඇත්තේ 47 හැවිරිදි කාන්තාවක් සහ 17 හැවිරිදි ඇයගේ දියණිය බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු ධර්මපුරම් පොලිසිය සිදුකරන අතර මහේස්ත්රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (22) සිදුකිරීමට නියමිතව ඇත.