ඩීසල් සහ පෙට්‍රල් පිළිබඳව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය විසින් නිවේදනය කර තිබෙන්නේ පෙට්‍රල් සහ ඩීසල් සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය ප්රචාරයන්ට නොරැවටෙන ලෙසයි.
වාර්තා වෙන ආකාරයට ඩීසල් සහ පෙට්‍රල් 92 තොගයක් රැගත් එම්.ටී. ෆොස් පවර් නෞකාව පසුගිය නොවැම්බර් 5 වනදා අලුයම කොළඹ වරායට සේන්දුවී ඇතැයි එම නිවේදනයේ දැක්වෙයි.
එහි තිබූ පෙට්‍රල් 92 රසායනාගාර පරීක්ෂාවේදී ප්‍රමිතියට අනුකූල බව සහතිකවීමෙන් පසු ගොඩබෑමට අවසර දී තිබේ.
ඩීසල් තොගයේ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුවෙන බැවින් එහි ප්‍රතිඵලය අනුව ඒවා ගොඩබෑම කෙරෙහි තීරණය කිරීමට නියමිත බව තවදුරටත් එහි සඳහන්ව තිබේ.