මීළඟ කැබිනට් මණ්ඩලය වෙත විදුලි පරිභෝජනය අඩු කිරීම සඳහා වන යෝජනාවලියක් ඉදිරිපත් කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරයි.
එමෙන්ම අද(22), හෙට(23) සහ අනිද්දා (24) යන දිනයන්හි විදුලිය විසන්ධි කිරීමට බලාපොරොත්තු නොවන බව ද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
එම යෝජනා වශයෙන් මාර්ගවල ඇති විදුලි පහන් නිවාදැමීම සහ කාර්යාලවල විදුලි උපකරණ නිවා දැමීම ආදී කරුණු ඇතුළත් කිරීමට නියමිතව ඇත.