හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩනැගීමට සහාය අවශ්‍ය ඕනෑ ම අවස්ථාවක එය ලබාදීමට තමන් සූදානම් බවයි.
වාර්තා වන ආකාරයට සිය නිල මුහුණුපොත හරහා වීඩියෝ පටයක් සමාජගත කරමින් ඔහු මෙම අදහස් පළ කර තිබෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිහානියට හෝ ක්‍රීඩකයින්ගේ පසුබැස්මට හේතුව කුමක් දැයි තමන්ට ද මෙතෙක් නිසි පරිදි සිතාගත නොහැකි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම සඳහා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග තේරීපත් වීමට ද මෙම අවස්ථාවේ දී සුබ පැතීම් එක් කර තිබේ.
ඔහු පැවසුවේ අර්ජුන රණතුංග ඉල්ලා සිටියේ විදෙස්ගත ව සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය රටේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩනැගීමට සහාය දෙන ලෙසටය.
එක දිගට තරග පරාජය වීම මේ වනවිට ක්‍රීඩා ලෝලීන්ට සුපුරුදු අත්දැකීමක් ව ඇති බැවින්, දක්ෂ තරුණ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින බැවින්, ඔවුන් හට නිවැරදි මග පෙන්වීමක් ලැබෙන්නේ නම් ඔවුන්ව හරි මාවතට ගෙන ආ හැකි බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.