බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් වන ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීම නීතිවිරෝධී බව පවසමින් සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ ඕෂල හේරත් මහතා ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව තමන්ට අනුව වැරදි බවත් එම තීරණය සම්බන්ධයෙන් නැවත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවත් පෙත්සම් කාර ඕෂල හේරත් මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ ඩයනා ගමගේ තවමත් බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාවක් බවයි. එමෙන්ම ඇය බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක ඔත්තු සේවයක කටයුතු කරන්නේ දැයි සැකයක් මතුව ඇති බව ද ඕෂල හේරත් මහතා සඳහන් කර තිබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන්.