විශේෂ පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව අද (08) පස්වරු 1.30ට කල්තැබීමට පියවර ගත් බව වාර්තා වේ.
එහිදී නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ අදාළ සාකච්ඡාව සඳහා කථානායකවරයාගේ සාකච්ඡා කාමරයට පැමිණෙන ලෙසයි.
ඒ, මේ වනවිට මතුවී ඇති ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම සඳහා සාකච්ඡා කිරීම වෙනුවෙනි.
ඒ අනුව අද පස්වරු 2ට යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව සදහන්.