ජනාධිපතිවරයා විනාශ කිරීමට කවුරුන් හෝ උත්සාහ දරමින් සිටින්නේ යැයි තමාට පෙනෙන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (08) දින පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
ජනාධිපති කාර්ය මණ්ඩලය ඇතුළෙත් නොයෙකුත් දේවල් සිදුවන බවත් ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිවරයාට ළංවීමට ඉඩ නොදිය යුතු බවද අමාත්‍යවරයා සදහන් කලේය.
රටේ අමාත්‍යවරයෙකුට තර්ජනය කිරීමට තරම් මෙම හොරු රැල බලවත් බැවින් ඒ ගැන විමර්ශන කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද, LPL තරගය ජනාධිපතිවරයා නරඹමින් සිටියදී ඔහුගේ පිටුපස සිටියේ ක්‍රිකට් ආයතනයේ ශම්මි සිල්වාගේ ආරක්ෂකයෙක් බවත් ඔහු පාතාල කරුවකු බවද අමාත්‍යවරයා සදහන් කලේය