වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ තිබූ ලංකා සීනි සමාගම ජනාධිපතිවරයා යටතේ ඇති ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට ගැසට් කිරීමෙන් පසු එහි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ හත් වැනි දා පස්වරුවේ සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගි වූ බව වාර්තා වේ.
එහිදී ඔහු කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන ආකාරයට තමා ලාබ ලබන සෙවනගල සීනි කර්මාන්ත ශාලාව විකුණා දැමීමට කටයුතු නොකරන බවයි.
අයි.ඒම්.එප් යොජනා අනුව පාඩු ලබන ආයතන විකුණා දැමීමට යෝජනා වී තිබුණත් මා ප්‍රවාහන ඇමති සමයේ ලංගම පාඩු ලබන ලේඛනයෙන් ඉවත් කළ බවත් මෙවර ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඉතා ඉහළ ලාභයක් ලබන ලංකා සීනි සමාගම සෙවනගල ශාඛාව පාඩු ලබන ලේඛනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවද පැවසීය .
සෙවනගල ජනතාව සහ සේවයකින්දැඩි සැකයකට පත්ව සිටියේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ තිබූ සෙවනගල සීනි සමාගම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයට පවරා ගත්තේ එය විකුණා දැමීමට බවයි. 2019 වන විට රුපියල් ලක්ෂ එක්දහස් අටසීයක් පාඩු ලැබූ සෙවනගල සීනි සමාගම 2022 වන විට රුපියල් ලක්ෂ 6000 සුද්ද ලාභයක් ලබා ගනිමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට මහ භාණ්ඩාගාරයට ලක්ෂ තුන් දහස් පන්සීයක් ප්රදානය කර ඇත.
මේ වන විට පාලනාධිකාරිය මඟින් LUCKY 7 සෙවනගල ලෙස නව ව්‍යාපෘති හතක් ආරම්භ කර ඇත.
01 තිස් සය වසකට පසු සෙවන කළ කර්මාන්තශාලාවේ දෙවන අදියර ආරම්භ කිරීම.
2.36 වසරකට පසු කර්මාන්ත ශාලාවෙන් පිටවන සියලුම අපද්‍රව්‍ය අමුද්‍රව්‍ය බවට පත්කර ජෛව පොහොර කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම.
3.100% සන්සුද්ද එතනෝල් නිෂ්පාදනය කර අපනයනය කිරීම සඳහා වූ දෙවරක් පෙරන එතනොල් ව්‍යාපෘතිය ආරම්භ කිරීම.
4.36 වසරකට පසුව සෙවනගල කර්මාන්ත ශාලාව සඳහා රුපියල් මිලියන දෙසීයක සිසිලන පද්ධතියක් ආරම්භ කිරීම.
5.රුපියල් මිලියන 200 ක bio mass boiler තුළින් මිලියන 600 ක ශුද්ධ ලාභයක් ලබා ගැනීමට හැකි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම.
6.2.5 mw solar විදුලි බලාගාරයක් තුළින් මෙතෙක් කලක් විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 4.5 ක් මුදල ඉතිරි කර ගැනීමට හැකි වීම.
7.උඩවලව සංචාරක පාරාදීසය ඉස්මත්තේ ඉදිකිරීමෙන් පවතින LEISURE UDAWALAWAහබරල්වාව සංචාරක පාරාදීසය කිරීම.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර සිටියේ සෙවනගල රමේෂ් පතිරණ සහ ජානක වක්කුඹුර ඇමතිවුනට පිළිරුවක් සකස් කර වාර්ෂිකව උපහාර දැක්වූ වත් වරදක් නොමැති බවත් ඇමතිවරුන් ආරම්භ කර නව ව්‍යාපෘතීන් වෙනස් කිරීමකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාමට තමා කටයුතු කරන බවයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන්,