මේ වන විට හෝමාගම රෝහල තුළ වෙන් කර ඇති කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා වෙන්කර ඇති වාට්ටු 02ම කොවිඩ් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව වෛද්යාධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.
ගතවූ දින කිහිපය තුළ දී කොවිඩ් ආසාදිතව රෝහල්ගත වන රෝගීන් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගිය බව ද වෛද්‍යවරයා පෙන්වා දී ඇත.
එසේම කොවිඩ් රෝගීන් සඳහා ඇඳන් 75ක් තිබුණ ද මේ වන විට එහි රෝගීන් 81ක් ප්‍රතිකාර ලබන බවත් ,කාර්යය මණ්ඩලයේ 23 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවත් වාර්තා ව්.
එමෙන්ම විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ මෙම කොවිඩ් රැල්ල වහා මැඩලීමට නම් කඩිනමින් බූස්ටර් එන්නත් ලබාගත යුතුව ඇති බවයි.